Categories

මිලියන 2.5ක පාඨමාලාවක් DP Education හරහා නොමිලේම හදාරන්න

අපි එදිනෙදා ජීවිතේ දි භාවිතා කරන පරිගණක සහ Smart devices වල තියන Apps, Programs සියල්ලම නිර්මාණය වෙලා තියෙන්නෙ ‘කෝඩින්’ කියන නමින් හඳුන්වන විශේෂ භාෂාවකින් බව ඔයා දන්නවද?

අද වෙනකොට ලෝකයේ බොහෝ දියුණු රටවල ඉහළ ඉල්ලුමක් ඇති විෂයක් විදියට කෝඩින් භාෂාව පිළිගන්නවා. ඒ නිසාම මේ ක්ෂේත්‍රයේ නියැලෙන කෙනෙකුට ලැබෙන වැටුප් පරිමාණයත් ඉතා විශාලයි.

ඔයත් කල් තියාම අනාගතය හොඳින් සැලසුම් කරන කෙනෙක් නම් සහ පරිගණක විෂය ගැන උනන්දුවක් තියන කෙනෙක් නම් කෝඩින් භාෂාව ඉගෙනගෙන ක්ෂේත්‍රයේ හොඳ වැඩකාරයෙක් වෙන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස්, ස්ටිව් ජොබ්ස් වගේ පරිගණක සහ මෘදුකාංග ලෝකයේ දැවැන්තයො තමන්ගේ ගමන ආරම්භ කරල තියෙන්නෙත් කෝඩින් විෂය හැදෑරීමත් එක්කයි.

ඉතිං ඔයාටත් මේ ක්ෂේත්‍රයට එන්න ආසාවක් උනන්දුවක් තියනව නම් ඒකට කරන්න තියෙන්නෙ බොහොම පුංචි සරල දෙයක් විතරයි.

දැන්ම  www.dpcode.lk වෙබ් අඩවියට ගිහින් DP Education ඩිජිටල් පාසැලේ නොමිලේම ලියාපදිංචි වෙන්න. DP Education Online තක්සලාව කියන්නෙ අපේ රටේ දරු පරපුර දැනුමින් සන්නද්ධ කරන්න සද්භාවයෙන් යුතුව ආරම්භ කරපු සමාජ මෙහෙවරක් බව ඔයා දැනටමත් දන්නවනේ.

DP Education coding පාසැල මඟින් කෝඩින් විෂය වෙනම පාඨමාලාවක් විදියට මුල සිට සරලව උගන්වන නිසා ඔයාට කරන්න තියෙන්නේ අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක පාඩම් මාලාව මුල ඉදන් හරියට follow කරන එක විතරයි. මේ සඳහා ඉංග්‍රීසි හෝ වෙනත් කිසිම මූලික දැනුමක් අවශ්‍ය නැහැ වගේම සිංහල දෙමළ භාෂා දෙක ඔස්සේම මේ විෂය හදාරන්නත් පුළුවන්.

අවුරුදු 5-6 වයසේ පුංචි දරුවෙකුට වුනත් මේ විෂය ආසාවෙන් ඉගෙන ගන්න හිතෙන විදියට තමයි මේ පාඩම් මාලාව සකස් වෙලා තියෙන්නෙ.

මේ පාඨමාලාවේ සම්පූර්ණ වටිනාකම රු. මිලියන 2.5ක් විතර වෙනවා. ඒ කියන්නෙ, රු. ලක්ෂ 25ක් විතර. නමුත් DP Education කෝඩින් පාසැල මේ සම්පූර්ණ පාඨමාලාව නොමිලේ හදාරන්න අවස්ථාව හිමි කර දීලා තියනවා. විශ්වාස කරන්නත් අමාරුයි නේද?

ඉතිං ඔබත් දැන්ම මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. www.dpcode.lk වෙබ් අඩවියට ගිහින් ලියාපදිංචි වෙලා පාඨමාලාව මුල ඉදන් ආරම්භ කරන්න.

ඔයා සම්පූර්ණ කරන සෑම ව්‍යාපෘති 8කටම නොමිලේ ඔන්ලයින් සහතිකයකුත් ලැබෙනවා. වැදගත්ම දේ තමයි මේ පාඨමාලාව අවසානයේ මොරටුව විශ්වවිද්‍යාලය මඟින් නොමිලේ ලබා දෙන Trainee Full-stack Developer ඔන්ලයින් පාඨමාලාව හැදෑරීමේ අවස්ථාවත් ඔයාට ලැබෙන එක.

කෝඩින් විෂය හැදෑරීම මඟින් පසුකාලීනව Web Developer, Full stack Web Developer, Software Application Developer, Computer Programmer, Data Scientist වගේ උසස් මට්ටමේ රැකියා අවස්ථාවලට පහසුවෙන් යොමුවීමේ අවස්ථාවත් ලැබෙනවා.

 

DP Education වෙබ් අඩවිය හරහා ඉගෙනීම සඳහා ගිණුමක් සකස් කරගන්නා ආකාරය ඔවුන් විසින්ම නිකුත් කරලා තියෙන මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුලුවන්.

 

මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට වෘත්තීය ජීවිතය සාර්ථක කරන්නට මේක තමයි ඔබට ලැබෙන හොඳම අවස්ථාව කියලා හිතන්න. ඉතිං මොහොතක් වත් ප්‍රමාද නොවී DP Education Coding පාඨමාලාවට දැන්ම ලියාපදිංචි වෙන්න.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.