Categories

ශුක්‍රාණු නිවුටන්ගේ භෞතික විද්‍යාවේ තුන් වන නියමය කඩ කරන බව විද්‍යාඥයන් ප්‍රථම වරට සොයා ගනියි

නිව්ටන්ගේ තුන් වන නියමයෙහි සඳහන් වන්නේ සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇති බවයි.

ශුක්‍රාණු විසින් පිහිනීම සඳහා ෆ්ලැජලම් නම් දිගු වලිගයක් වැනි ව්‍යුහයක් භාවිතා කරන අතර මෙම Flagellum චලනය වන විට, එය වටා ඇති තරලයෙන් සමාන හා ප්‍රති විරුද්ධ ක්‍රියාවක් ඇති නොකරමින් නිව්ටන්ගේ චලිත නියමය ප්‍රතික්ශේප කරන බවටයි විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ.

human sperms

ඇල්ගී සහ ශුක්‍රාණු සෛල අන්වීක්ෂයක් යටතේ විශ්ලේශණය කරමින් පර්‍යේශකයන් සොයා ගත්තේ මෙම යුගල ඔවුන්ගේ වලිග භාවිතා කරමින් ගමන් කරන බවයි.

නිව්ටන්ගේ චලිත නියමයට අනුව අවසානයේ ඒවා මන්දගාමී විය යුතු වුවත්, ශුක්‍රාණු වල වලිගයේ චලනයන් ශක්තිය ඉතිරි කරමින් සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් වළක්වනු ලබනවා.

Researchers at Kyoto University found the sperm's flagella, or tail, propels the agents forward by changing their shape to interact with the fluid
උදාහරණයක් ගතහොත්, පුද්ගලයෙක් ජනාකීර්ණ කාමරයක කෙළවරක සිට අනෙක් පැත්තට යන විට ඔහුගේ මාර්ගය සළසා ගැනීම සඳහා අනෙක් පුද්ගලයින්ව තල්ලු කරමින් ගමන් කරන අතර එම පුද්ගලයන් ද නැවත ඔහුට එරෙහිව තල්ලු කරන අතර මෙයින් අදාල පුද්ගලයාගේ වේගය අඩු වෙනවා.

එහෙත් අදාල පුද්ගලයාට අනෙක් අයව තල්ලු නොකර ඔහුගේ හැඩය වෙනස් කරමින් කාමරයේ හිඩැස් හරහා යාමට හැකි නම්…

ශුක්‍රාණු විසින් මෙම ක්‍රියාව සිදු කරන අතර සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියා ඇති නොකරමින් ඔවුන්ගේ හැඩය වෙනස් කරමින් තරලය හරහා ගමන් කරනු ලබනවා.

විද්‍යාඥයන් විසින් මෙය “odd elasticity” ලෙස හඳුන්වන අතර, මේ හරහා ශුක්‍රාණු සෛල වලට අවම ශක්තියක් වැය කරමින් කාර්‍යක්ශම පිහිනීනට ඉඩ සැලසෙනවා

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.