iPhone සතුව විවිධ ආකාරයේ features තිබෙනවා. පරිශීලකයන් හට iphone භාවිතය පහසු කරගන්න apple විසින් එසේ විවිධ features එකතු කරනු ලබනවා.
iphone සතු back tap feature කියන්නේ ඔබගේ iphone එකෙහි පිටුපස tap කිරීමෙන් දුරකථනයේ ඇති විවිධ විශේශාංග සදහා ප්රවේශය සලසන ක්රමයක්. iOS 14 සමග හදුන්වා දී තිබෙන මේක iPhone 8 සිට ඉහළ device වල ක්රියාත්මක වෙනවා.
how to enable back tap features
Settings > Accessibility > Touch > Back Tap
back tap වලට ගියාම ඔයාට gesture 2ක් පෙන්වනවා. ඒ double tap සහ triple tap යනුවෙන්. ඔයාට ඒවාට අදාල function තෝරාගැනීමේ හැකියාව තිබෙනවා. මේ double tap සහ triple tap සදහා ඔයාට තෝරාගැනීම් රාශියක් තිබෙනවා.
ඉතින් අදාල function එකක් තෝරගෙන iphone එකෙහි පිටුපස apple logo එක tap කිරීම මගින් ඔයාට මේ function ක්රියාත්මක කරන්න පුලුවන්.
Leave a Reply
View Comments