Categories

Apricorn ලොව විශාලතම Encrypted protable SSD එක නිකුත් කරයි.

Apricorn සිය Aegis Fortress L3 series එක පුළුල් කරමින් එයට 20TB SSD එකක් එක් කර තිබෙනවා.

මෙහි Physical tamper protection,wear-resistant keypad, software-free operation හා real time 256-bit AES XTS hardware encryption ඇතුලු ආරක්ෂක අංග කීපයක් ඇතුලත් වෙනවා.
එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙහි දත්ත හුවමාරු වේගය දර්ශනය වීමක් සිදුවෙන්නෙ නැහැ.

Apricorn මෙයට රජයේ ආයතන,විදුලිබල හා සෞඛ්‍ය අංශ ඇතුලු ඉහල ආරක්ෂාවක් සහිත සංවේදි දත්ත ආරක්ෂා කිරීමට හා ගෙනයාමට අපේක්ෂා කරන ව්‍යවසායන් මුලිකව ඉලක්ක කර තිබෙනවා.

Aegis ධාවකය NIST හි FIPS 140-2 level 3 ප්‍රමිතියට අනුකූල වන අතර එනිසාම ධාවකය Physical tamper resistance එකක්, identify based සත්‍යාපන ක්‍රමයක් ලබා දෙනවා.
එමෙන්ම ඉන්ටර්⁣ෆේස් අතර සංවේදි දත්තයන්( private keys,password,PIN) ආරක්ෂිතව මාරු කිරීම සදහා Physical හා Logical layers එකතු කර තිබෙනවා.

මෙම HDD ධාවක ප්‍රභේදය 5400 rpm disk එකක් භාවිතා කරන අතර 500GB හා 5TB අතර ධාරිතාවක් ලබාගත හැකිවනවා.
Aprucorn විසින් SSD version එක තුල NAND Flash වර්ගය නිශ්චිතව දක්වා නොමැති අතර එමගින් 512GB සිට 20TB දක්වා ධාරිතාවක් ලබාගත හැකිවනවා.
දත්ත හුවමාරුව සැලකුවහොත් 256 bit hardware encryption සමග උපරිම 370MB/s දක්වා වේගයකට ලගා වනවා.

ධාවකය Interface එක සදහා USB 3.2 Type A කේබල් එකක් භාවිතා කරන අතර box එක තුල Type A හා C කේබලයක් සමග පැමිනෙනවා.
මෘදුකාංග රහිත ක්‍රියාකාරිත්වය නිසා එය Windows,Mac,Linux,Android,Symbian හා අනිකුත් Platforms හරහා වැඩ කිරීමට පුළුල් පද්ධති අනුකූලතාවක් ලබා දෙනවා.

වසර 3ක සීමිත වගකීමක් සහිතව නිකුත් කරන අතර Apricorn හි නිල වෙබ් අඩවිය හරහා එය මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.