Categories

Android 13 සහ එහි හොදම features

Android 13 හෙවත් TIRAMISU( internally codename) කියන්නේ the open Handset Alliance විසින් වැඩි දියුණු කරන සහ google මගින් ප්‍රමුඛත්වය ලබා දෙන දහතුන්වන සහ ඉදිරියේදි පැමිණෙන android operaying system එකක්.මීට කලින් android 12 නිකුත් කරා වගේම ඉදිරියේදි android 13 නිකුත් කරන්න නියමිතයි. android 12 වල තිබෙන සහ නොමැති අලුත් features කිහිපයක් android 13 තුළ දකින්න තියෙනවා.

 

Android 13 best features

 

01.  New Material You Color Styles

android 12 වල ඉහළම feature එකක් වුනේ Material You wallpaper-based theming system එක. android සදහා wallpaper style සදහා color වෙනස් කිරීම් කිහිපයක් ආවත් අපට අවශ්‍ය colors දැමීමට අවස්ථාවක් තිබුණේ නැ. ඒක නිසාම ගොඩක් අය third party apps භාවිතා කරනු ලැබුවා wallpaper style සදහා තමන්ට අවශ්‍ය color යොදාගන්න.

මේ feature එක මගින් තමන්ට අවශ්‍ය colors භාවිතයට ඉඩ නොදුන්නත් සමාගම විසින් settings තුළ color options 16ක් එකතු කර තිබෙනවා.

 

02.Edit Text from Clipboard

අපි මොකක් හරි ටයිප් කරපු දෙයක් හෝ ටයිප් කරල තියෙන දෙයක් copy කරහම ඒක ඉක්මනට edit කරගන්න පහසුකමක් හොයාගන්න අමාරුයි. මොකද අපිට ඒක නෝට් පෑඩ් එකක paste කරලා edit කරන්න වෙන නිසා. මේකට විසදුමක් විදියට android 13 මගින් අප යමක් copy හෝ cut කරනකොට pencil icon එකක් add කරලා තියෙනවා ඒ අන්තර්ගතය edit කරගන්න.

ඒවගේම ඔයා number එකක් හෝ link එකක් copy කරනකොට call/message ඔප්ශන් එකත් chrome browser ඔප්ශන් එකත් පෙන්වනවා.

 

03.Updated Progress Bar in Media Player

google විසින් media player progress bar සදහා Squiggly line එක් කර තිබෙනවා. media player සදහා සජීවී හැගීමක් ගෙන ඒමට මෙය එකතු කර තිබෙනවා. මෙය lockscreen තුළත් දකින්න පුලුවන් වගේම music stop කල විට මෙම squiggly line එක ඉවත් සරල රේඛාව මතු වෙනවා.

04.Faster Access to QR Code Scanning

Android 13 මගින් lock screen හරහා qr code scanner වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසා තිබෙනවා.

 

05. Control Smart Home Devices From Lock Screen

 

smart home ecosystem භාවිතා කරන අය සදහා මෙය විශේශයි. දුරකථනය unlock කිරීමකින් තොරව locksreen හරහා smart device පාලනය කිරීමේ පහසුකම google විසින් සලසා දී තිබෙනවා.

06.Quick Tap to Enable Flashlight

gesture කියන්නේ දුරකථන වල හොදම feature එකක්. මේ මගින් assistant ඕපන් කරගන්න, screenshots ගන්න වගේ විවිධ කාර්‍යන් සදහා භාවිතා කරන්න පුලුවන්.android 13 හි flashlight සදහා google විසින් toggle එකක් එකතු කර තිබෙනවා.දුරකථනය පිටුපස double tap කිරීම මගින් flashlight on/off කිරීමේ පහසුව google විසින් ලබා දී තිබෙනවා.

 

07. Updated Permission Requests

සාමාන්‍යයෙන් third party apps මගින් permission ඉල්ලන්නේ කොටස් ආකාරයට.

for video files,for audio files, for photos විදියට.google පවසන්නේ යම් ඇප් එකක් photo සහ video සදහා අවසර ඉල්ලයි නම් එම ඉල්ලීම් දෙක වෙන වෙනම නොව තනි dialog එකකට ඇතුළත් කරන බවයි.

08.Themed Icons for Third-party Apps

google විසින් android 12 හී theme icon සදහා සහය හදුන්වාදෙනු ලැබුවත් එය google apps සදහා සීමා වුනා. දැන් android 13 මගින් සියලු apps සදහා dynamic colors themed icon හදුන්වා දී තිබෙනවා.

 

09.Panlingual App-Specific Languages

Android 13 මගින් multi languages සදහා පහසුකම් සලසනු ලබනවා. උදාහරණයක් ලෙස කෙනෙකුට english මගින් දුරකථනය භාවිතා කරන අතරතුර hindi මගින් apps භාවිතා කල හැක.

 

10.Cinematic Wallpapers and Wallpaper Dimming

Android 13 මගින් දුරකථනය චලනය වන විට චලනය වන 3D wallpaper හදුන්වා දී තිබෙනවා. මෙය WallpaperEffects API භාවිතා කරන අතර මෙමගින් ඔබේ ඡායාරූපයත් 3D wallpaper කරගැනීමේ හැකියාව තිබෙනවා

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.