Categories

Allexa ගෙන් දස හැවිරිදි ලමයෙකුට මරණීය අභියෝගයක්..!

Amazon Alexa කියන්නෙ මේ වෙනකොට වෙළඳපොලේ වඩාත්ම ජනප්‍රිය voice assistants වලින් එකක්. නමුත් තාක්ෂනයේ අවදානම් බව පසක් කරමින් Alexa විසින් 10 හැවිරිදි ලමයෙකු හට මරණීය අභියෝගයක් එල්ල කර තිබුණා.

සිද්ධියට මුහුණ දුන් දරුවාගේ මව වනKristine Livdahl පසුගියදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඇගේ දරුවා Alexa ගෙන් අභියොගයක් ඉල්ලා සිටි විට Alexa විසින් සරල අභියොගයක් ලෙස යෝජනා කරමින් භයානක අභියොගයක් ඉදිරිපත් කල බවයි.

Livdahl , Alexa ඇප් එකෙන් වෙබ් රිසාල්ට් එක පෙන්වන Screenshot එකක් අතුලත් කර තිබූ අතර
අභියෝගය වී තිබුනේ ෆෝන් චාර්ජර් එකක් අඩක් ප්ලග් කර නිරාවරණය වී තිබෙන ප්‍රොන්ග් හෙවත් විදුලියට සම්බන්ද වන කූරු අතින් අල්ලන ලෙසයි

එම අභියොගය Alexa විසින් ලබාගෙන තිබුනේ පසුගිය වසරේ Tik tok හි භයානක “Penny challlenge” පිලිබද පලකල ප්‍රවෘත්ති ලිපියකිනුයි

Alexa සාමාන්‍යයෙන් සංකීර්ණ ප්‍රශ්නවලට පිළිතුරු දීමට වෙබ් ප්‍රතිඵල මත රදා පවතින අතර මෙහිදී වෙනත් සෙවුම් ප්‍රථිඵල වෙනුවට භයානක අභියෝගයක් යෝඡනා කලේ කෙසේදැයි දැනට පැහැදිලි වී නැත.
කෙසේ වෙතත් Amazon විසින් පවසා තිබුනේ මෙය Alexa ගේ දෝෂයක් හේතුවෙන් සිදුවූ බවයි.
එමෙන්ම මෙම දෝෂය දැනුවත් වූ විගස එය නිවරදි කිරීමට ඔවුන් ක්‍රියාත්මක වූ බවත් පවසා තිබුණා.

දැන්, ඔබ ඇලෙක්සාගෙන් අභියෝගයක් ඉල්ලා සිටියහොත්, එය ඔබට වෙනත් ප්‍රතිඵල හෝ “Im not sure i umderstand ” යනුවෙන් පණිවිඩයක් පෙන්වනු ලබනවා.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.