ඔන්න Apple සමාගම ඔවුන්ගේ අලුත්ම දුරකථනය වෙන Apple iPhone 14 සැප්තැම්බර් 7 පැවැත්වෙන “far out” උත්සවයේදී එළිදක්වන්න සියළු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සැප්තැම්බර් 7 දින 10 a.m PT (10:30 p.m IST) Steve Jobs Theatre එකේදීයි. ඒවගේම මේ event එක Apple.com, Apple TV app සහ එහි YouTube channel හරහාද online stream කෙරෙනවා.
මීට කලින් වාර්ථා කරපු විදියටම iPhone modules 4 සදහා iPhone 14, iPhone 14 max, iPhone 14 pro සහ iPhone 14 pro max ඇතුළත් වෙනවා. iPhone 14 max ගැන කතා කරොත් මේක අගල් 6.7ක screen එකක් සහිත පළමු non-pro දුරකථනය වෙනවා. iPhone 14 pro models එක “hole+pill” display එකකින් පැමිණෙන අතර මේක Alway-On-Display (AOD) සදහා සහය දක්වනවා. ඒ වගේම pro modules වල camera ගත්තොත් ඒවා 48MP සහිත බවත් අපේක්ශා කරනු ලබනවා.
එසේම මේ iPhone 14 pro සහ iPhone pro max දුරකථන A16 bionic chipset සමගින් පැමිණෙන බව වාර්ථා වෙනවා. ගොඩක් අය බලන් හිටපු විශේශ feature එකක් වන USB-C charging port මෙහි ඇතුළත් නැති බවයි ඔවුන් පවසන්නේ. ඒ කියන්නේ ගොඩක් දුරට 2023න් පස්සෙ මේ USB-C එක ඔවුන් හදුන්වා දෙන්න සැළසුම් කරනවා ඇති. ඉතින් සැප්තැම්බර් 7 වෙනිදා iphone 14 ගැන තවත් විස්තර දැනන්න බලන් ඉන්න.
source:-
Beebom
Leave a Reply
View Comments