micron විසින් ලොව විශාලතම ධාරිතාවයක් සහිත microSD කාඩ්පතක් හදුන්වා දී තිබෙනවා. i400 microSD series එකක් වන මෙය 64GB,128GB,512GB, 1 TB සහ 1.5 TB size ලබා දෙනවා.
අඛණ්ඩව වීඩියෝ පටිගත කිරීම සහ AI capture සදහා අවධානය යොමු කරමින් edge storage applications සදහා මෙය නිර්මාණය කර තිබෙනවා. එසේම සියළුම i400 කාඩ්පත් 24/7 ක්රියාකාරිත්වයක් සදහා ශේණිගත කර තිබෙන අතර ඒවාට සෙල්සියස් අංශක -25 සහ සෙල්සියස් අංශක 85 අතර පරිසරවල ද ක්රියා කළ හැකි අතර ජලය, චුම්බක, එක්ස් කිරණ, බලපෑම් සහ කම්පනය වැනි හානිවලින් ද ආරක්ෂා විය හැකියි.
මෙම 1.5 TB කාඩ්පතට මාස හතරක් දක්වා වීඩියෝ ගබඩා කරගත හැකි බවයි micron පවසන්නේ. කෙසේ වෙතත් මෙය පාරිභෝගිකයන් සදහා වෙළදපලට නිකුත් කර තිබෙනවා.
Leave a Reply
View Comments