Dual Boot Vs VM Virtual Box
- Dual Boot
- VM Virtual Box
- Dual Boot ? or Virtual Box ?
1. Operating Systems -ප්‍රදාන වශයෙන් අපි දන්න වර්ග දෙකයි Windows සහ Linux. මේ දෙකෙනුත් ගොඩක්ම අයට, විශේශයෙන් ලංකාවෙ අපට හුරු Window, Windows ගැන වෙනම කියන්න දෙයක්න්නෑ හැමෝම දන්නවනෙ. තමන්ගෙ Computer එකේ system දෙකක්, එහෙම නැත්තන් OS දෙකක් Run කරන එකට තමා Dual Boot කියන්නෙ. මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙනව. මේ විදිහට Computer එකේ OS දෙකක් හරියට Install කරන්නනම් අලුතින් Partition එකක් Create කරගන්න ඔන.
Desktop Computer එකකනම් Hard Disk කීපයක් Connect කරල තියෙනවනම්, ඒ Hard Disk එකකට ඔයාට ඕන OS එක Install කරන්ගන්න පුලුවන්. නැත්නම් ඒ hard disk එකේම අලුත් partitions හදල කැමති partition එකකට install කරගන්නත් පුලුවන්. ඒක පෞද්ගලික කැමැත්ත අනුව කරන්න පුලුවන්.
මෙහෙම කරන්න මොනවද Computer එකේ තියෙන්න ඕන Specifics
මේ විදිහට dual Boot කරගන්නනම් අදාල Computer/Lap
එකේ Hard Drive Space, Ram, Process Power තමා ප්‍රදාන
විදිහටම බලපාන්නෙ.
- Hard Drive Space,
OS එකක් Install වෙන්න 25GB වගේ ප්‍රමානයක් System
එකට ඕන වෙනව. System files වලට අමතරව බාවිතයට
ඕන කරන ඉඩ ප්‍රමානයත් එක්ක බැලුවම 60GB වගේ
ඉඩ ප්‍රමානයක් Recommend කරනව.
( වර්තමානයෙ බාවිතා කරන SSD Hard disk තමා
Computers/Laptops වල Main OS Install කරන්න Use
කරන්නෙ.) - Ram
අවම 2GB Ram එකක් තියෙන්න ඕන. මෙතනදි එක
වතාටව එක OS එකක් විතරක් Open වෙන නිසා 2GB
Ram එකක් තිබීම ප්‍රමානවත්. - Process Power
අවම Dual core, Intel Inside, Core i3 Processor එකක් අත්‍යවශ්‍යයි. මේ Specifics තියෙනවනම්. ඕනම OS එකක් තමන්ගෙ Secondary OS එක විදිහට Install කරගන්න හැකියාව තියෙනව. Windows Installing Process එක සාමාන්‍ය විදිහටම තමා Setup එකේදි OS එක Install කරන්න අලුතින් Create කරගත්ත Partition එක Select කලාම අනිත් හැම Step එකක්ම සාමන්‍ය විදිහට කරන්න පුලුවමන්. ඒත් Linux OS එකක් Install කරනවනම් ඒ අදාල OS එක Install කරන විදිහ අනුව Install කරන්න ඕන. Install Process එකෙන් පස්සෙ Restart කලාම බලාගන්න පුලුවන් Operating System එක Select කරන්න Option එකක්. එතනින් ඔයාට අවශ්‍ය OS එක Select කරගෙන ලේසියෙන්ම පාවිච්චි කරන්න පුලුවන්.
- VM Virtual Box
Virtual Box එකක් කියන්නෙ අපේ Pc එකේ තියෙන OS එකට අමතරව තව OS එකක් Install කරගන්න පුලුවන් තව විදිහක්. මේ විදිහට Virtual box එකකට වෙන OS එකක් Install කරන්නනම් Virtual Box Software එකක් දාගන්න ඕන. දැනට තියෙන හොදම Virtual Box Softwares විදිහට Oracle Virtual Box සහ VM Ware Workstation හදුන්වන්න පුලුවන්. මේ Softwares යොදාගෙන ලේසියෙන්ම ඕනම OS එකක් Install කරගන්න පුලුවන්. Download VM Ware Workstation –
Install Process – මුලින්ම Create New Virtual Machine කියන Option
එකට ගියාම බලාගන්න පුලුවන් මුලින්ම හදගන්න ඕන Settings
ටික. මෙතනින් මුලින්ම තමන්ට Install කරන්න ඕන OS එකේ ISO File එක insert කරන්න ඔන. PC එකේ Performance අනුව Ram එක, Cores ගනන, Hard Drive Space එක දෙන්න ඕන. කොහොමද හරියට Virtual Box එකක් Install කරන්නෙ කියල මේ දැනගන්න මේ Video බලන්න.
Install Windows Using Virtual Box –
Install Linux Using Virtual Box –
- Dual Boot VS Virtual Box
Dual Boot ද හොදම? Virtual Box ද?
ආරක්ශාව කියන්නෙ ප්‍රදානම දේ. මේ දෙකෙන් ගොඩක්ම ආරක්ශිත වෙන්නෙ Dual boot විදිහට OS එකක් install කරන එක. මොකද Virtual Box එකකට OS එකක් Install කලාම එකෙ තියෙන Files අපේ Main System එකේ Document Folder එකේ Virtual Machines කියන Sub Folder එකේ තමා Store වෙලා තියෙන්නෙ. ඔයාගෙ Main OS එකට Access තියෙන ඕනම කෙනෙක්ට ලේසියෙන්ම ඔයාගෙ
Virtual Machines Delete කරල දාන්න පුලුවන්. පහසුව අතින් බැලුවම Virtual Box තමා ලේසිම විදිහ. දවස් දෙකතුනක,සතියකට,මාසයකට වගේ කෙටි කාලයක වැඩක් කරගන්නනම් අනිවරෙන්ම Virtual Box තමා Use කරන්න ඕන. ලේසියෙන්ම Install කරගන්නත් පුලුවන් එක Click එකකින් අයින් කරල දාන්නත් පුලුවන්. Dual Boot විදිහට Install කරපු OS එකක් Remove කරන එක ලේසි දෙයක් නෙමේ. හරියට අයින් උනේ නැත්තන් PC එක Boot issues වලට ලක් වෙන්න පුලුවන්.
Virtual Box වල තවත් විශේශම දේ තමා ඕන තරම් OS ප්‍රමානයක් ලේසියෙන්ම Install කරගන්න පුලුවන්.OS සියල්ලම එකපාර Use කරන්න හැකියාව තියෙනව.නමුත් ඒක Depend වෙන්නෙ ඔයාගෙ PC එකේ Performance එක අනුව තමා.මේ විදිහට හරිම ලේසියෙන්
OS Install කරන්න Virtual Box Use කරන්න පුලුවන්.
4. ඇත්තටම මොක්ද්ද හොදම ?
පෞද්ගලිකව මම වැඩිපුර යොදාග්න්නෙ Virtual Box.ලේසියෙන්ම Install කරගන්න පුලුවන් වගේමෙ එකපාර වැඩ කීයපක්, OS කීපයක් යොදාගෙන කරගන්න පුලුවන්.
Dual Boot විදිහට Install කලාම OS Boot issues, OS Switching Issues ඇතිවෙන්න පුලුවන්වගේම Dual Boot ඉවත් කිරීම හරියට සිද්ද උනේ නැත්තන් Main OS එකට විවිද Issues එන්න පුලුවන්. ඉතිම් තමන්ගෙ පෞද්ගලික කැමැත්ත මත මේ ඕන විදිහකට තව OS කීපයක් තමන්ගෙ Computer එකට Install කරගන්න පුලුවන්.
Leave a Reply
View Comments