මේ වෙද්දි බොහෝ දෙනෙක් original whatsapp එකාට වඩා mod whatsapp භාවිතා කරනවා. මොකද Original whatsapp එකට වඩා ගොඩක් features mod whatsapp එකේ අන්තර්ගත නිසා.
ඒත් මේ mod whatsapp එකෙ ගැටළු කිහිපයක් තියෙනවා. ප්රධාන ගැටළුවක් තමා මේකෙ chat backup කරද්දි වදින්නේ device එකට පමණයි. mod version නිසා google drive support කරන්නේ නැහැ මේකට. අපි ෆෝන් එක රීසෙට් කරද්දි හරි ෆෝන් එක මාරු කරද්දි වගේ තමා මේ ගැටළුව එන්නේ.. ඉතින් මේකට solution එකක් තමා මේ article එකෙන් අරන් ආවෙ.
STEP 01.
වට්සැප් එකට ගිහින් සෙටින් වලින් චැට් බැකප් කරගන්න.
whatsapp > settings > chat > chat backup
<sSTEP 02.
ඔයාගෙ file manager එකට ගිහින් internal storage එකේ mod whatsapp folder එකට යන්න. ( මම use කරන්නෙ OG WHATSAPP නිසා ෆෝල්ඩර් නේම් එක තියෙන්නෙ OG WHATSAPP විදියට)
STEP 03.
og whatsapp ෆෝල්ඩර් එක ඇතුලෙ ඇති backup,media, database කියල ෆෝල්ඩර් 3ක්. ඒ තුන copy කරගෙන ඔයාගෙ chip එකට හරි share it වගෙ ඇප් එකකින් වෙන ෆෝන් එකකට හරි දාගන්න.
ඊට පස්සෙ ෆෝන් එක රීසෙට් කරල ඉවර නම් හරි, අලුත් ෆෝන් එකකට නම් දාගන්නෙ පහල විදියට කරගන්න
STE 04.
mod whatsapp එක instrall කරගෙන number එක ගහල හදාගන්න. ඊට පස්සෙ phone එකෙ settings වලින් apps වලට ගිහින් OG WHATSAPP තෝරල storage කියන තැනින් clear data දෙන්න..
(මෙතනදි whatsapp එක install කරාට folder එකක් create නොවෙන නිසා තමා whatsapp එක complete කරගෙන data clear කරගන්නෙ.)
දැන් ෆයිල් මැනේජර් එකට ගිහින් බලන්න ෆෝන් එකෙ කලින් විදියට OG WHATSAPP කියල ෆෝල්ඩර් එකක් ඇති. දැන් අර කොපි කරගත්තු backup,media,database කියන ෆෝල්ඩර් 3 OG WHATSAPP ෆෝල්ඩර් එක ඈතුලට paste කරගන්න.
STEP 05.
දැන් whatsapp එක open කරගෙන agree and coninue දෙන්න.
දැන් ෆෝන් නම්බර් එක ගහල කෝඩ් එක අරගෙන හදාගන්න.ඒ හදාගත්තාම පෙන්වනවා not now කියල එකකුයි continue කියල එකකුයි.
එතනින් continue දෙන්න.
ඒක දුන්නාම පෙන්නනවා restore එකයි skip එකයි. එතනින් restore දුන්නහම ඔයාගේ කලින් chat history ටික ඇවිත් ඇති.