Categories

මිනිත්තු 5න් Full Charge කරන Xiaomi හි 300W Fast charger එක

ඔයාට ඔයාගෙ වැඩත් එක්ක Smart phone එක චාර්ජ් කර කර ඉන්න වෙලාවක් නැද්ද , චාර්ජ් වෙන්න පැය ගානක් ගතවෙනවද..?

Xiaomi ඔවුන්ගේ lightning-fast charging technology එකෙන් ඔයාට ඒ ප්‍රශ්නෙට උත්තරයක් දීල තියනවා.

Xiaomi විසින් Weibo හි විඩියොවක් පලකර තිබූ අතර එයින් 4100 mAh බැ⁣ටරියක අධිවේගී ආරෝපණ වේගයක් පෙන්නුම් කරනු ලබනවා.
ඒ අනුව මෙම වේගවත් ආරොපණ තාක්ෂනය මගින්  300W ආරොපණ වේගයක් ආරම්භ කරන පලමු Smart phone නිශ්පාදකයා Xiaomi වනවා ඇති.

වීඩියෝවට අනුව  Redmi Note 12 Pro+ බැටරියක්  මිනිත්තු 2කින් 50% ආරොපණයක් ලබා ගන්නා අතර සම්පූර්ණ ආරෝපණයකට ගන්නේ  මිනිත්තු 5ක් පමණි.

දැනට ඇති වේගවත්ම චාර්ජර් එක වන්නේ Oppo හි 240W SuperVOOC ආරොපණය වන අතර එය 2023 පෙබරවාරි 28 වන දින සිට Realme GT3 හි ගොලීය වශයෙන් නිකුත් කෙරුණා.

ප්‍රතිපහරක් ලෙස එල්ල කල Xiaomi 300W ආරොපණය තවමත් ආරම්භක අදියරෙ පවතින අතර මෙය වෙළදපල තුල දැකිය හැකි දිනයක් තවම සමාගම හෙලිකර නැති නමුත් වේගයෙන් දියුණු වන තාක්ෂණය නිසා එය බොහෝවිට මෙම වසර අග බලාපොරොත්තු විය හැකියි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.