Categories

පරිශීලකයන් කරන සියළු දේ පටිගත කරන බවට TikTok වලට චෝදනා

මේ වෙද්දි TikTok විශේෂයෙන්ම තරුණයින් අතර වඩාත් ජනප්‍රිය ජංගම යෙදුම් වලින් එකක් විදියට සළකනවා. 2016 දී නිකුත් කළ මෙයට බාගත කිරීම් බිලියන 2.6 ක් තිබෙන අතර TikTok හි ක්‍රියාකාරී ගෝලීය පරිශීලකයින් බිලියනයක් දක්වා සිටිනවා.

Fastlane හි නිර්මාතෘ සහ මෘදුකාංග පර්යේෂකයෙකු වන Felix Krause මෑතකදී ජනප්‍රිය සමාජ යෙදුමක් වන TikTok ගැන විශේශ කාරණාවක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව krayse සදහන් කරන්නේ In-app browser එකට ඇතුළත් කරලා තියෙන javascript code එක keystrokes, screen taps, copied text සහ තවත් දේ පටිගත කිරීමට භාවිතා කරන බවයි. Krause මේක ප්‍රධාන ආරක්ෂක ගැටලුවක් විදියට සැළකුවත් TikTok ප්‍රකාශ කරන්නේ ඔවුන් මෙම code එක භාවිතා දෝශ නිරාකරණ අරමුණු සඳහා පමණක් වන බවත්, පරිශීලකයන් යෙදුම භාවිතා කරන අතරතුර ඔවුන්ගේ තොරතුරු නිරීක්ෂණය කිරීමට හෝ ලොග් කිරීමට කිසිදු ආකාරයකින් භාවිතා නොකරනවා කියලයි.

කොහොම වුණත් ක්‍රවුස්ගේ වාර්තාව අසත්‍ය බව ඔප්පු කිරීමට ඉක්මන් උත්සාහයක් ගත් TikTok Keylogging, screen tap data අඩංගු JavaScript code එක debugging සඳහා දැඩි ලෙස භාවිතා කරන බවට ප්‍රකාශ කර සිටියා.

krause ගේ මේ වාර්ථාව TikTok භාවිතය නැවැත්වීමට එක් හේතුවක් වුණත්, TikYok සදහා දැනට තියෙන ජනප්‍රියත්වයත් එක්ක මේ කාරණාව ගැන පරිශීලකයන් එතරම් විමසිලිමත් වෙයිද කියන එක ගැටළුවක් ?

 

source

TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.