Categories

TikTok පරිශීලක දත්ත සොරාගන්නනා අලුත්ම විදිහ – ඇප් එක භාවිතා නොකල අයගේ පවා දත්ත සොරගනී.

වර්තමානයේ දත්ත හො කුකීස් වලට ඇති ඉල්ලුම ඉතා ඉහලයි. මෙය කෙතරම් සර්වසම්පූර්ණද කියනවනම් හුගක් පුද්ගලයින් උපකල්පනය කරන්නේ ඔවුන් භාවිත කරන සෑම වෙබ් අඩවියක්ම ඔවුන් ලුහුබදින බවයි.
කෙසේ වුවත් උපකල්පනය සත්‍ය කරමින් නවතම වාර්තාවකින් පුදුම සහගත ලෙස පෙන්වා දෙන්නේ Tiktok සමාගමේ වෙබ් අඩවිය හෝ ඇප් එක භාවිතා නොකෙරූ පුද්ගලයින්ගේ පවා දත්ත ලබාගෙන ඇති බවයි.

මෙලෙස පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද පාරිභෝගික වාර්තා (CR) විමර්ශනයකට අනුව පෙන්වා දෙන්නේ TikTok, වෙබ් අඩවි සිය ගණනක “පික්සල්” ලෙස හඳුන්වන ට්‍රැකර් රෝපණය කර ඇති බවයි.
ආරක්ෂක සමාගමක් වන Disconnect සමඟ හවුල් වෙමින් , CR විසින් කල විශේෂයෙන් TikTok හි පික්සල සොයන වෙබ් අඩවි 20,000ක් පමණ සොයා බැලීය. සෙවුම් ප්‍රතිඵල අතර වැඩිපුරම නැරඹූ වෙබ් අඩවි 1,000ක් සහ විශාලතම, .org, .edu, සහ .gov යන domain සහිත වෙබ් බොහෝමයක් ඇතුළත් වුණා.

අධ්‍යයනයෙන් හෙළි වූයේ සමාගම් සිය ගණනක් TikTok සමඟ මෙලෙස දත්ත බෙදා ගන්නා බවයි.
TikTok පික්සල ඇතුලත් කිරීමට ඉඩ දෙන වෙබ් අඩවි සඳහා සමහර ප්‍රධාන උදාහරණ ලෙස United Methodist Church, Weight Watchers සහ Planned Parenthood දැක්විය හැකියි.

Disconnect හි ප්‍රධාන තාක්ෂණ නිලධාරී පැට්‍රික් ජැක්සන් පැවසුවේ TikTok හි ට්‍රැකර් දැනටමත් පුළුල් ලෙස පැතිරී තිබීම ගැන ඔහු සැබවින්ම පුදුමයට පත් වන බවයි.
එලෙසම පුද්ගලයින් facebook විසින් දත්ත ලබාගනීවියැයි බිය වන බවත් ඔවුන් tiktok පිලිබද දැනුවත් නොවීම පුදුමයක් බවයි.

 

 

පාරිභෝගික වාර්තාවෙන් ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වූයේ රෝහල් හෝ උපදේශන කණ්ඩායම් වැනි පරිශීලකයින්ට ගැටලුවක් ඇති විය හැකි ආයතනවල පුද්ගලික දත්ත පිළිබඳව ය. විශ්ලේෂකයින් ඔවුන් බෙදාගත් තොරතුරු මොනවාදැයි බැලීමට හඳුනාගත් TikTok පික්සල පරික්ෂා කල අතර එහිදී TikTok පික්සල නිතිපතා අමුත්තන්ගේ IP ලිපින, අනන්‍ය ID අංක, පරිශීලකයින් බලන පිටු, සහ ඔවුන් ක්ලික් කර ටයිප් කරන දේ සම්ප්‍රේෂණය කර තිබෙන අතර සෙවුම් ඉල්ලීම් සඳහා ද එයට ප්‍රවේශය ලැබී තිබෙනවා.
පුදුම සහගත කරුණනම් මේ සියල්ල පරිශීලකයාට TikTok ගිණුමක් තිබේද නැද්ද යන්නවත් නොසලකා සිදුකිරීමයි.

මේ පිලිබදව අදහස් විමසූ විට TikTok ප්‍රකාශක Melanie Bosselait පැවසුවේ, “අනෙකුත් Platform මෙන්ම, දැන්වීම්කරුවන්ගෙන් අපට ලැබෙන දත්ත අපගේ වෙළඳ ප්‍රචාරණ සේවාවන්හි සඵලතාවය වැඩි දියුණු කිරීමට භාවිතා කරන බවයි.

Bosselait වැඩිදුරටත් පැවසුවේ තම සමාගම දැන්වීම්කරුවන්ට විකිණීමක් සිදු නොකරන බවත් TikTok නොවන පරිශීලකයින්ගේ දත්ත “ඔවුන්ගේ වෙබ් අඩවි ගැන දැන්වීම්කරුවන්ට යවන සමූහගත වාර්තා” සඳහා පමණක් භාවිතා කරන බවයි

සමහර සංවේදී දත්ත ( සෙඛ්‍ය තත්වයන්,පුද්ගලික මුදල් හා දරුවන් පිලිබද දේවල්) නොසැලකිලිමත් ලෙස සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා tiktok ඔවුන්ගේ හවුල්කරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කරන බවද TikTok ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, CR ප්‍රකාශ කරන්නේ Meta සහ Goole වැනි වෙබ් අඩවි සංවේදී දත්ත සම්ප්‍රේෂණය කිරීම වැළැක්වීමේ ප්‍රතිපත්ති තිබුණද, ට්‍රැකර් බොහෝ විට එය නොතකා එවන බව පෙර විමර්ශනවලින් පෙන්නුම් කර ඇති බවයි.

උදාහරණයක් ලෙස CR, national Girl Scouts domain එක පරික්ෂා කල අතර එහිදී සොයාගත්තේ එම වෙබ් අඩවයේ සෑම page එකකම TikTok හි pixel ඇති බවයි.

මෙයින් දරුවෙකු පැමිණෙන විට පුද්ගලික තොරතුරු සම්ප්‍රේෂණය කළ හැකිය. එලෙසම WebMD හි “erectile dysfunction” සෙවීමේ ප්‍රතිඵල ට්‍රැකර් විසින් නැවත TikTok වෙත වාර්තා කරන බවත් විශ්ලේෂකයින් සොයා ගනුලැබුවා.

මේවා එහි රහස්‍යතා ප්‍රකාශ සහ නීති තිබියදීත් සමාගමට සංවේදී තොරතුරු ආපසු ලබා දුන් උදාහරණ කිහිපයක් පමණි.

මේ පිලිබදව ජැක්සන් පැවසුවේ

මෙය රහසිගතව ක්‍රියාත්මක වූවක්, සමහර පුද්ගලයින් ගනන් නොගත්තද මිනිසුන්ට තේරීමක් තිබිය යුතුයි. එය කිසිදිනක රහසේ සිදුනොවිය යුත්තක්” යනුවෙන්.

සමහර සමාගම් විධායකයින් තම සමාගම බෙදාගන්නා දත්ත කාටද යන්න නොදැන සිටි අතර වාර්තාව Mayo Clinic වෙත දැනුම් දුන්නේ එහි පොදු වෙබ් අඩවිය TikTok සමඟ දත්ත බෙදා ගන්නා බවයි. පසුව එම වෙබ් අඩවිය TikTok ට්රැකර් ඉවත් කර ඇති නමුත් වෙබ් අඩවිය තවමත් Microsoft, Google සහ වෙනත් අය ඇතුළු අනෙකුත් පික්සලවල “සැලකිය යුතු සංඛ්යාවක්” භාවිතා කරන බව සොයා ගැනීමට disconnect සමත් වුනා.

වර්තමානයේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට කළ හැකි දෙයක් නොමැති නමුත් Firefox හෝ Brave වැනි වඩාත් පුද්ගලිකත්වයට හිතකර බ්‍රව්සර් වෙත මාරු වීම සහ ආරක්ෂක සැකසුම් ශක්තිමත් කිරීම මගින් බොහෝ ලුහුබැඳීම් අඩු කළ හැකි බව CR සටහන් කරයි.

 

Source –techspot

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.