Categories

ඉදිරියේදී පෘතුවියට තර්ජනයක් විය හැකි ග්‍රාහක අවදානම් වැලැක්වීමේ Dart මෙහෙයුම සාර්ථක වෙයි.

නාසා ආයතනය විසින් ඉදිරියේදී පෘථිවියට තර්ජනයක් වන ග්‍රාහක කඩාවැටීමකදී ඒවා විනාශකර දැමීමේ අත්හදාබැලීම් මෙහෙයුම සාර්ථක ව අවසන් කර තිබෙනවා.

මෙහිමූලික අරමුණ වුයේ පෘථිවිය ග්‍රාහකයන් ගෙන් ආරක්ෂා කර ගැනීමට භාවිත කල හැකි සාර්ථක ක්‍රමයක් අත්හදා බැලීමයි.

 

 

NASA’s Double Asteroid Redirection Test (DART) යනු ග්‍රහකයක් හෝ ධූමකේතුවක් පෘථිවිය හා ගැටෙන මාර්ගයකදී අපව ආරක්ෂා කිරීමට නිර්මාණය කර ඇති ප්‍රථම වර්ගයේ ග්‍රහලෝක ආරක්ෂණ තාක්‍ෂණයක්. මෙම මෙහෙයුම 2021 නොවැම්බර් මාසයේදී දියත් කරන ලද අතර එහි ඉලක්කය වුනේ
ඩිඩිමොස් නම් අඩි 2560 විශාල ග්‍රාහකයක් වටා කක්ෂ ගත වන අඩි 530යුත් ඩිමොර්ෆොස් නම් කුඩා පාෂානයක්.

The last complete image of asteroid Dimorphos
The last complete image of asteroid Dimorphos

පෘථිවියට තර්ජනයක් නොවූ මෙම ග්‍රාහකය සැතපුම් මිලියන හතක් ඈතින් පිහිටා තිබූ අතර පරීක්ෂන සදහා මෙම ග්‍රාහකය තොරා ගැනුනි.

සඳුදා, NASA විසින් Dimorphos සමඟ ගැටීමට රාත්තල් 1,260ක පෙට්ටියක හැඩැති අභ්‍යවකාශ යානයක් මෙහෙයවූ අතර පර්වතයේ ගැටෙන විට එය පැයට සැතපුම් 14,000 ක පමණ වේගයකින් ගමන් කරමින් තිබුණි.

මෙයින් ග්‍රහකය විනාශ නොවුනත් භ්‍රමණය වෙනස් කිරීමට ප්‍රමාණවත් බලයක් නිර්මාණය කෙරුනි.

එවැනි අවම කිරීමේ ක්‍රමවේදයක් අනාගතයේ දී අපේ පෘථිවි ග්‍රහලෝකයේ ගැටීම වැළැක්වීමට හෝ අවම කිරීමට ග්‍රහකයක් හෝ වල්ගාතරුවක් මාර්ගයෙන් ඉවතට ගෙන යාමට භාවිතා කළ හැකි වනවා.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.