Categories

Snapchat+ ගෙන් story සහ notification සදහා features දෙකක්

Snapchat විසින් snapchat plus subcribers ලා හට features කිහිපයක් හදුන්වා දී තිබෙනවා.
මෙයින් ප්‍රධානම feature එකක් වන්නේ snapchat story සතියක් දක්වා තබා ගැනීමේ හැකියාවයි.

ඒ අනුව මෙම නවතම custom story expiration feature එක මගින් පරිශීලකයන් හට ඔවුන්ගේ story සදහා වේලාව සකස් කිරීමට ඉඩ සලසනවා. මෙය පැය 24 සිට සතියක් දක්වා වෙනස් කළ හැකියි. මීට පෙර snapchat story පැවතියේ දවසක් දක්වා පමණයි. එහෙත් දැන් පරිශීලකයන් හට ඔවුන්ගේ වැදගත් stories සතියක් දක්වා සජීවීව තබා ගත හැකියි.

මීට අමතරව snapchat+ විසින් custom notification sounds feature එකක්ද පරිශීලකයන් හට හදුන්වා දී තිබෙනවා. ඒ අනුව පරිශීලකයන්ට විවිධ පුද්ගලයින් සදහා විවිධ notification tones භාවිතා කළ හැකියි.

snapchat+ නව features අද සිට පරිශීලකයන් ට ලබා ගත හැකි අතර subcription plan එක මසකට ඉන්දීය රුපියල් 49 ක් වනවා.

source
Beebom

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.