Categories

Palmer Luckey විසින් ක්‍රීඩාවේදී පරිශීලකයා මිය ගියහොත් ඔහුව සැබෑජිවිතයේත් මරා දමන VR හෙඩ්සෙට් එකක් නිර්මාණය කරයි.

 

ආරක්‍ෂක කොන්ත්‍රාත්කරුවකු හා සහ නවීන Virtual reality හි පියා වන Palmer Luckey, ක්‍රීඩා කරන ක්‍රීඩාවේදී පරිශීලකයා මිය ගියහොත් සැබෑවටම ඔහුව මරා දමන VR හෙඩ්සෙට් එකක් නිර්මාණය කරල තිබෙනවා.

ඔහු මෙය Sword Art Online ක්‍රීඩාව සැමරීම සදහා නිර්මාණය කර තිබුණා.
Oculus හි නිර්මාතෘවරයා වන Luckey, 2014 දී ෆේස්බුක් වෙත ඩොලර් බිලියන 2 කට එය විකුණු අතර මාර්ක් සකර්බර්ග් විසින් පසුව මෙටා සඳහා පදනම ලෙස නැවත නම් කරන ලද තාක්ෂණය වන්නේ මොහුගේ මෙම තාක්ෂනයයි.

Luckey ගේ මෙම ඝාතක හෙඩ්සෙට් එක පුපුරණ සුලු ආරොපිත මොඩියුල තුනකින් සමන්විත අතර ඒවා කෙලින්ම පරිශීලකයාගේ හිස ඉලක්ක කර තිබෙනවා.
Luckey ට අනුව, සජීවිකරණ සහ සැහැල්ලු නවකතා මාලාව Sword Art Online මිනිසුන්ට virtual reality කෙරෙහි උනන්දුවක් ඇති කළ බවයි.

 2001 දී සංවිධානය කෙරුණු" ටෙක්කන් වධක තරඟාවලියේ" පහර කෑමට ලක් වූ ඕනෑම කෙනෙකුට ක්ෂණික වේදනාවක් ලබා දෙන අත්පටි.
2001 දී සංවිධානය කෙරුණු” ටෙක්කන් වධක තරඟාවලියේ” පහර කෑමට ලක් වූ ඕනෑම කෙනෙකුට ක්ෂණික වේදනාවක් ලබා දෙන අත්පටි.

මෙම ක්‍රීඩාවේදී ක්‍රීඩකයන් පිස්සු විද්‍යාඥයකුගේ ලොකයෙන් ගැලවීමට තට්ටු 100ක සිරගෙයක් හරහා සටන් කළ යුතු වනවා. ඒවගේම ඔවුන් ක්‍රීඩාවේදී මියගියහොත් සැබෑ ලෝකයේද මිය යනවා ඇති.

මෙම headset එකෙහි මොඩියුල නිශ්චිත සංඛ්‍යාතයකින් දැල්වෙන විශේෂිත රතු තිරයක් දැකීම හඳුනා ගන්නා පටු කලාප ඡායාරූප සංවේදකයකට අනුගත කර ඇති අතර Game over නම් තිරය දිස්වූ විට මෙම මොඩියුල ක්‍රියාත්මක වනවා.

වාසනාවකට මෙන් තවම මෙම Headset කලා ආකෘතියකට පමණක් සීමා වී තිබෙනවා.
Headset එක ඉවත් කිරීමට,විකෘති කිරීමට හෝ විනාශ කිරීමට නොහැකි වන ලෙස සකස් කිරීමට සැලසුම් සකස් කරන බවත් වැරදි වේලාවක පරිශීලකයා මිය යා හැකි විශාල අසාර්ථකත්වයන් ඇති බැවින් මෙය තවමත් තමා විසින්ම අත්හදා බලා නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

 

Source – arc

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.