Categories

පෘථිවියට වඩා සුපිරි පෘථිවියක් NASA සොයා ගනී

විද්‍යාඥයින් විසින් අපගේ ග්‍රහලෝකයේ ස්කන්ධය මෙන් හතර ගුණයක ස්කන්ධයක් සහිත Super Earth (සුපිරි පෘථිවියක්) සොයාගෙන තිබෙන අතර මේ Super Earth වසරක් සම්පූර්ණ කිරීමට ගත වන්නේ දින 10.8ක් පමණක් බවයි සදහන් කරන්නේ.

ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනයට අනුව, නව අධෝරක්ත නිරීක්ෂණ ක්‍රමවේදයක් භාවිතා කරමින් Ross 508 b ලෙස හඳුන්වන මෙම exoplanet සොයා ගෙන තියෙනවා. මේ Super Earth අපගේ ග්‍රහලෝකයෙන් ආලෝක වර්ෂ 37ක් දුරින් පිහිටලා තියෙනවා වගේම ඒක අපගේ පෘථිවිය සූර්යයා වටා කක්ෂගත වන ආකාරයටම Ross 508 නම් රතු වාමන තාරකාවක් වටා භ්‍රමණය වෙනවා.

 ජපානයේ තාරකා විද්‍යාඥයින් විසින් මෙම සුපිරි පෘතුවිය ප්‍රථම වරට දැක තිබෙන්නේ මෙම වසරේ මුල මැයි මාසයේදීයි. පර්යේෂණයට අනුව, පිටසක්වල ග්‍රහලෝකය තාරකාව වටා කක්ෂගත වන අතර එය ග්‍රහලෝකයේ මතුපිට ජලය සෑදීමට හිතකර උෂ්ණත්වයක් ලබා දෙනවා.ඒ අනුව විද්‍යාඥයන් පවසන්නේ Ross 508 b යනු තාරකාවේ වාසයට සුදුසු කලාපයක් බවයි.

හවායි හි ජපානයේ ජාතික තාරකා නිරීක්ෂණාගාරයේ (NAOJ) සුබාරු දුරේක්ෂය භාවිතයෙන් පර්යේෂකයන් විසින් අඳුරු තාරකාවක් අසල මේ නව ග්‍රහලෝකය දැක තිබෙන අතර තාරකාව සූර්යයාට වඩා ප්‍රමාණයෙන් කුඩා නිසා Ross 508 b සෑම දින 10.8 කට වරක් මෙම තාරකාව වටා ගමන් කරනු ලබනවා.

source:-
https://www.ndtv.com/world-news/nasa-discovers-super-earth-that-may-support-life-all-you-need-to-know-3237442

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.