මේ සතියම නිකම් පිස්සුවක් විදියට හැරෙව්ව දෙයක් තමා AI. මොකද google විසින් cloud platform වගේම Workspace සඳහා AI capabilities එකතු කරා සහ ChatGPT විසින් ඔවුන්ගේ නවතම version එක වෙන GPT 4 එක රිලීස් කරා. ඒක ඉතින් හැමෝම බලන් හිටපු දෙයක් නේ.
දැන් microsoft ආයෙත් පිස්සු හැදෙන වැඩකට අත ගහලා තියෙනවා. ඒ තමා microsoft විසින් microsoft 365 copilot එළිදැක්වීම.
Microsoft Copilot කියන්නේ Word, Excel සහ අනිත් Office applications වලට ඒකාබද්ධ කරපු කෘතිම බුද්ධි (AI) තාක්ෂණයක්. මේ copilot ක්‍රියා කරන්නේ පරිශීලකයා කරමින් සිටින අන්තර්ගතය විශ්ලේෂණය කිරීමෙන් පසුව එම කාර්‍ය වඩාත් කාර්‍යක්ශම කිරීම සදහා යෝජනා ඉදිරිපත් කරමින් සහය සැපයීමයි.
සරලව කිව්වොත් අපි ඊමේල්, Spreadsheets හෝ code create කරනකොට මේ කාර්‍යයන් සම්පූර්ණ කරගන්න අපිට සහය දෙන එක තමා මේ microsoft copilot සිදු කරන්නේ. ඉතින් මේ microsoft 365 බලගැන්වීම සදහා microsoft විසින් ලේටස්ට්ම ChatGPT වර්ශන් එක වෙන ChatGPT 4 යොදාගෙන තියෙනවා. ඉතින් ඔයාලට හිතාගන්න පුලුවන් නේ microsoft 365 කොච්චර පවර්ෆුල් වෙයිද කියලා මේ update එකෙන් පස්සෙ.
word,Excel, powerpoint, Outlook සහ Teams එකට Copilot ඒකාබද්ධ කිරීමත් එක්ක අපේ කන්ටෙන්ට් එකට අදාලව අලුතෙන් Text generate කරන්න, numeric data ඇනලයිස් කරන්න, අලුත් designs නිර්මාණය කරන්න, ඊමේල් summarize කරන්න වගේම තවත් features ගණනාවක් මේ හරහා අපිට ලබා ගන්න පුලුවන්.
source :
Leave a Reply
View Comments