Categories

Meta ගෙන් කෘතිම බුද්ධිය පදනම් වූ විශ්ව භාෂා පරිවර්තන පද්ධතියක්..!

Metaverse කියන්නෙ මෑතකදි විශාල ආකර්ෂණයක් ලබා ගත් සංකල්පයක්.
අනාගතයේ විවිධ තාක්ෂනික සංවර්ධනයන් අරගෙන එන්න මේ අංශයේ මූලිකත්වය අරගෙන තියෙන්නෙ කලින් Facebook විදියට වැඩ කරපු Meta එක.
මෑතකදි ඔවුන් වස්තූන් ස්පර්ශ කිරීමට හා දැනීමට ඉඩ සලසන Metaverse අත්වැසුම් සංවර්ධනය කරමින් සිටි අතර දැන් ඔවුන් Metaverse පරිශීලකයන්ට වඩාත් හොදින් එකිනෙකා අතර සන්නිවේදනය කිරීමට ඉඩ සලසන AI(කෘතිම බුද්ධිය) මත පදනම් වූ විශ්ව භාෂා පරිවර්තන පද්ධතියක් ගොඩනගමින් සිටිනවා.

සකර්බර්ග් කියපු විදියට මේකෙ ප්‍රධානතම ඉලක්කය වෙන්නේ සියලු ක්‍රමයන් හරහා දැනුම ඇතුළත් කළ හැකි විශ්වීය ආකෘතියක් ගොඩනැගීමයි.

දැන් සමාගම තම ඉලක්කයට පැමිනෙමින් සිටින්නේ වෙන වෙනම කෘතිම භාෂා පරිවර්තන වැඩසටහන් දෙකක වැඩ කටයුතු ආරම්භ කරමිනුයි.
පලමු වැඩසටහන “No Language Left Behind” ලෙස හදුන්වා ඇති අතර එයින් සෑම භාෂාවක්ම ඉගන ගැනීමට පහසුකම් සපයනවා.

දෙවන වැඩසටහන වන AI Babelfish නිර්මාණය කිරීම සඳහා 2020 දී නැවත එළිදැක්වූ සමාගමේ M2M-100 මාදිලිය භාවිතා කිරීමට නියමිත වනවා.
⁣මේකෙ ප්‍රධානතම ඉලක්කය වෙන්නෙ ඕනැම භාෂාවකින් ඕනෑම අයෙකු සමග සන්නිවේදනය කිරීමට භාෂා හරහා කථනයෙන් කථනයට ක්‍ෂණිකව පරිවර්තනයන් සිදු කිරීමයි.

යන්ත්‍ර පරිවර්තන පද්ධතියක වචන පරිවර්තනය කිරීම රදා පවතින්නෙ මිලියන ගණනක වාක්‍ය තුලින් ඉගනීම මත නිසාම අන්තර්ජාලය තුල ආධිපත්‍ය දරණ භාෂා අතලොස්සකට පමණක් උසස් තත්වයේ පරිවර්තන හැකියාව ඇති භාෂා පරිවර්තන පද්ධති Meta විසින් සංවර්ධනය කර තිබෙනවා.

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.