තාක්ෂණික දැවැන්තයෙක් වෙන Lenovo සමාගම විසින් 2023 Mobile World Congress (MWC) එකේදී දිග හැරිය හැකි තිරයක් සහිත ලැප්ටොප් පරිගණකයක සහ ජංගම දුරකථනයක ආදර්ශකයක් එළිදක්වලා තියෙනවා.
පරිගණකය ගැන කතා කරොත් පරිගණකයේ පැත්තක ඇති ස්විචයක් එබීමෙන් පසුව තත්පර 10 ඇතුළත අඟල් 12.7 තිරය අඟල් 15.3 දක්වා විශාල වෙනවා. Lenovo සමාගම ප්‍රකාශ කරන්නේ මේ විදියට දිග වැඩි කරගන්න පුළුවන් screen එක, worksheet වල වැඩ කරන කාර්‍යාල සේවකයින්ට වැඩිපුර cells භාවිතා කිරීමටත්, වෙබ් developers ලටත් විශාල වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා කියලයි.
ඊළගට Lenovo එකේ අලුත්ම rollable mobile phone එක වෙන Motorla smart phone ගැන සදහන් කරොත් මේ දුරකථනය කුඩා කර තිබෙන කොට 15:9 ක Aspect ratio සහිත අඟල් 5 screen එකක් ලබා දෙනවා වගේම මේ දුරකථනයේ පැත්තක තියෙන බොත්තමක් දෙපාරක් එබුවට පස්සෙ 22:9ක Aspect ratio එකක් සහිත අඟල් 6.5ක screen එකක් ලබා දෙනවා.



කොහොම වුණත් මේවා තවමත් මුල් නිර්මාණ විතරයි. 2019 දී මේ ගැන කතාබහක් ගියත් ඒ සම්බන්ධව නිර්මාණයක් ආවෙ නැ. අවුරුදු 4කට පස්සෙ ආයෙත් මේ ගැන එළියට එන්නේ Lenovo ගේ මේ නිර්මාණයත් එක්කයි. ඉතින් කොහොම හරි මේ devices දෙකම පරිශීලකයන්ට නිකුත් කරන දවසක් පිළිබදව සහ පරිගණකයේ features ගැන ඔවුන් තාවමත් සදහන් කරලා නැහැ.
source:-
Leave a Reply
View Comments