Categories

Windows 11 latest update එකත් සමග ගැටළු රාශියක්. SSD වල වේගයත් මන්දගාමී කරයි.

Windows 11 22H2 සඳහා වන KB5023706 update එක නිකුත් කර තිබෙන්නේ Task manager එකෙහි search bar එකක්, tablet optimized taskbar යන features ඇතුළත් කරමින් සහ improvements and fixes සමගිනුයි.

කොහොම වුණත් මේ windows 11 update එකෙන් පස්සෙ ගොඩක් අයට ඇවිත් තියෙන ගැටළුවක් තමා SSD වල speed එක ගොඩක් අඩු වෙලා තියෙන එක. වාර්ථා වල සදහන් වෙනවා පරිශීලකයන්ගේ SSD වල වේගයට මේ update එක අඩකින් හෝ විශාල විදියට බලපාලා තියෙනවා කියලා.

මේ සම්බන්ධයෙන් Redditor වාර්ථා කරන්නේ  update එකෙන් පසු ඔවුන්ගේ start time එක තත්පර 31 දක්වා  වැඩි වූ බවත් පසුව එම update එක ඉවත් කිරීමත් සමග එය යථා තත්ත්වයට පත් වූ බවයි. ඒ වගේම SSD මන්දගාමී බව නවතම update එකෙහි ගැටළු වලින් එකක් බවද microsoft ප්‍රකාශ කරනවා.

වැඩි දුරටත් ඔවුන් පවසන්නේ Server Message Block (SMB) හරහා network share වලින් windows 11, version 22H2 වෙත file copy කිරීමේදී බොහෝ වෙලාවක් ගත වන බවත් සමහර අවස්ථා වලදී local file copy කිරීමේදීත් මෙම ගැටළුව ඇති වන බවයි.

මෙම ගැටළු වලට අමතරව පරිශීලකයින් apps ක්‍රියා නොකිරීම සහ wifi connection slow වීම වැනි ගැටළු වලටද මුහුණ පා තිබෙනවා.

source :

Techspot

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.