Categories

Click & drag මගින් Image morph කිරීමට ඉඩ ලබා දෙන අලුත්ම AI tool එක

 

ඔයා AI වලට කැමති උනත් නැතත් නව තාක්ෂනයේ සෑම පැතිකඩකින්ම සීඝ්‍ර දියුණුවක් ලබා ගැනීමට AI සමත් වෙමින් ඉන්නවා.
මෙයින් වැඩි බලපැමක් එල්ල වුනු ඡායාරූප කර්මාන්තයට තවත් ප්‍රභල පහරක් එල්ල කරමින් පර්යේෂකයන් Photoshop හි warp tool එක මෙන් DragGAN නම් නව AI tool එකක් නිපදවා තිබෙනවා.

රූප හැසිරවීමේ ක්ෂේත්‍රයේ කැපීපෙනෙන මෙම tool එක Google,MIT, university of pennsylvania හා max planck හි පර්යේෂකයන් විසින් නිර්මාණය කර තිබෙනවා.

මෙම මෙවලම මගින් ඔබ ඇතුලත කර ඡායාරූපයේ අවශ්‍ය ස්ථානය ක්ලික් කර ඇදගෙන යාමෙන් පුද්ගලයාගේ හෝ වස්තුවක පෙනුම සැලකිය ලෙස වෙනස් කල හැකියි. මුහුනේ ඉරියව් වෙනස් කරීම ඇදුම් වෙනස් කිරීම මෙන්ම ඡායාරූප ත්‍රිමාණ ලෙස කරකැවීමද මෙයින් සිදු කල හැකියි.

මෙම tools එක ඡායාරූප තත්පර කිපයක් තුල morph කිරීමට Nvidia GeForce RTX 3090 graphic card යොදාගනු ලබනවා. එලෙසම මෙහි මීලග පියවර වන්නේ 3D model සදහා AI tools එකක් නිකුත් කිරීමයි.

DragGAN AI හි වැඩි විස්තර මෙතතනින්.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.