Categories

ලක්ශ 17ක් දීලවත් ගන්න බැරි EVGA සංවර්ධනය කල open-air chassis එක

දවසින් දවස pc developing companies විවිධ ආකාරයේ පරිගණක වෙළදපලට නිකුත් කරනවා. ඉතින් EVGA සංවර්ධනය කරන මේ පරිගණකයත් ඒ වගේම එකක්. මේකේ ප්‍රධානම දේ තමා ලක්ශ 17ක් දීලවත් ඔයාට සම්පූර්ණ පරිගණකයක් ගන්න බැරි එක. ඒ මොකද කියල මේක ගැන කියවලාම බලන්න.

 

 

E1 frame set කියන්නේ EVGA විසින් සංවර්ධනය කල අලුත්ම open-air chassis එක. මේ open-air chassis එකේ විශේශත්වය වෙන්නෙ මෙහි pc components සියල්ල steel suspension cables සමග සවිකර තිබීම නිසායි. ඒවගේම මෙය 100%ක් carbon fiber frame එකකින් සාදා තිබෙන නිසා රාත්තල් 2.76ක බරකින් සමන්විත වෙනවා.

මෙහි frame එක සහ cables මගින් motherboard රදවා තබා ගන්න අතර ඉදිරිපස ඇති brackets මගින් grahic card සහ power supply රදවා තබා ගන්නවා. coolers සදහා සහය වීම සදහා පැත්තෙන් සහ උඩින් දැල් රාක්ක සවි කර තිබෙනවා.

 

විශේශයෙන්ම, මේ E1 එක සදහා කාර්මික design එකක් ලබා දීමට analog temperature gauges ( ප්‍රතිසම උශ්ණත්ව මිනුම්) ද එකතු කර තිබෙනවා. ඒවගේම USB 3.2 Type-A ports දෙකක් සහ එක USB-C port එකක් ඉදිරිපස I/O ports ලෙස මීටර් එකට එකතු කරලා තියෙනවා. මෙම E1 එක mini-ITX, micro-ATX, ATX, සහ eATX කියන motherboards සදහා සහය දක්වනවා.

 

 

EVGA විසින් මෙය මිල අධික packages 3කින් ලබා දුන්නත් එමගින් සම්පූර්ණ පරිගණකයම ලබා ගැනීමේ හැකියාවක් නම් නැහැ.මේ packages 3 ගැන බැලුවොත්,

◉analog gauges සහ GPU bracket සහිත chassis එකෙහි මිල $1,599කින් ආරම්භ වෙනවා. ආසන්න වශයෙන් Rs.573,000ක්.

◉දෙවැනි පැකේජ් එක RTX 3090 Ti K|NGP|N එකකින් සහ 1600W PSU එකකින් සමන්විත වෙනවා. එහි මිල වන්නේ $3,699ක්. ආසන්න වශයෙන් Rs.1,327,000 ක මුදලක්.

◉තුන්වන පැකේජ් එක මගින් Z690 DARK K|NGP|N motherboard එකක්, PowerLink 52u ඇඩැප්ටරයක් ​​සහ fancy shipping case එකක් $4,999ක මුදලකට ලබා දෙනවා. ඒ ආසන්න වශයෙන් RS. 1,700,000ක මුදලකටයි.

 

මේ පැකේජ් තුන මිලදී ගත්තත් ඔයාට සම්පූර්ණ පරිගණකයක් නම් සකස් කරගන්න බැහැ. මොකද මේ පැකේජ් තුනෙහි CPU,RAM,STORAGE,CPU COOLER අඩංගු නැති නිසා. ඒ නිසා ඒ කොටස් වෙනමම මිලදී ගත යුතු වෙනවා. මේ නිසයි මුලින්ම මම සදහන් කරේ ලක්ශ 17ක් දීලවත් සම්පූර්ණ පරිගණකයක් නම් සකස් කරගන්න වෙන්නේ නැහැ කියලා.

 

source:-

TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.