Categories

Computer basic for beginners part 03

computer basic for beginners part 02 මගින් අපි කතා කරා hardware සහ software කියන්නේ මොනවද කියන එක පිලිබදව. බොහොම සරලව software සහ hardware පිළිබදව උදාහරණත් එක්ක සදහන් කරපු නිසා මම හිතනවා ඔයාලට ගැන ප්‍රශ්ණ මුකුත් නැහැ කියලා.
ඉතින් part 03 මගින් කතා කරමු පරිගණකයක තිබෙන ප්‍රධාන කොටස් මොනවාද කියලා.

 

පරිගණකයේ කොටස් (components of the PC)

පරිගණකයක් කොටස් රාශියකින් සමන්විත වෙනවා. එසේම මේ කොටස් පරිගණකය සදහා විශාල කාර්‍යභාරයක් ඉටු කරනු ලබනවා.

01. CPU (Central Processing Unit )

පරිගණකයේ මොළය ලෙස හදුන්වන මධ්‍යම සැකසුම් ඒකකය (CPU) එහෙමත් නැත්නම් ප්‍රොසෙසරය කියන්නේ පරිගණකයක් තුළ බොහෝ සැකසුම් සිදු කරන ඒකකයක්. මෙය පරිගණකයේ ක්‍රියාත්මක වන මෘදුකාංග සහ අනෙකුත් දෘඩාංග සංරචක මගින් ලැබෙන සියලුම උපදෙස් ක්‍රියාවට නංවනු ලබනවා.

motherboard තුළ තියෙන විශේෂිත හතරැස් හැඩැති සොකට් එකකට CPU සවි කරනු ලබනවා. ඒ processor එකෙහි යටි පැත්තේ තියෙන ලෝහමය හෝ අල්පෙනති කොටස ඇතුළතට සිටින ආකාරයටයි. ඒ අනුව processor එක ප්‍රධාන අකාර දෙකකින් යුක්ත වෙනවා. ඒ,

01.PGA
02.LGA

01. PGA

processor එකෙහි පින් තිබෙනවනම් එය PGA එහෙමත් නැත්නම් pin grid array කියලා හදුන්වනවා. ඔයාගේ motherboad එකෙ cpu socket එක PGA නම් PGA ප්‍රොසෙසර් එකක් පමණයි එයට සවි කරන්න හැකියාව තිබෙන්නේ.

(motherboard තුළ ඇති PGA SOCKET එක)

 

 

02.LGA

processor එක pin ආකාරයට නැතුව ලෝහ තහඩුවක් ආකාරයට තියනවා නම් එය LGA එහෙමත් නැත්නම් lan grid array ලෙස හදුන්වනවා. ඔයාගේ motherboard එකේ cpu socket එක LGA නම් LGA ප්‍රොසෙසර් එකක් පමණයි එයට සවිකරන්න පුලුවන්.

(motherboard තුළ ඇති LGA SOCKET එක )

 

 

02. COMPUTER MEMORY

පරිගණකයක භාවිතය සදහා තාවකාලිකව හෝ ස්ථීරව දත්ත හෝ වැඩසටහන් ගබඩා කරනු ලබන උපාංගයක් computer memory ලෙස හදුන්වන්න පුලුවන්. පරිගණක මතකය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ,

01.primary memory
02.secondory memory යනුවෙනුයි.

01.PRIMARY MEMORY

CPU සදහා සෘජුවම ප්‍රවේශ විය හැකි පරිගණකයේ ප්‍රධාන මතකය primary memory ලෙස හදුන්වනු ලබනවා.
මෙය කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ,

  • RAM
  • ROM

 

  • RAM (Random access memory )

RAM කියන්නේ කෙටිකාලීන මතකයක් වගේම එය වාෂ්පශීලී මතකයක් ලෙසත් හදුන්වනු ලබනවා. ඒ කියන්නේ ඔයා ඔයාගේ පරිගණකය නැවත ආරම්භ කරන විට හෝ වසා දමන විට RAM තුළ තාවකාලිකව ගබඩා කරල තියෙන තොරතුරු ඉවත් වෙලා යනවා. උදාහරණයක් ගත්තොත්,
ඔයා computer එක on කරලා document එකක වැඩ කරන කොට හදිසියේම කරන්ට් එක ගියොත් ඒ document එකත් ඉවත් වෙලා යනවා. මොකද ඒක තාවකාලික මතකයේ එහෙමත් නැතිනම් RAM තුළ ගබඩා වෙලා තිබෙන නිසා.

ඔයාට අවශ්‍ය RAM එක තීරණය වෙන්නේ ඔයා පරිගණකයෙන් කරනු ලබන කාර්‍යත් එක්කයි. ඔයා video editing හෝ high performance gaming සෙල්ලම් කරන කෙනෙක් නම් අවම 16GB RAM එකක් රිකමන්ඩ් කරනු ලබනවා. ඔයා photo editing කරන කෙනෙක් නම් අවම 6GB RAM එකක් රිකමන්ඩ් කරනු ලබනවා.

ඒ වගේම RAM විවිධ ආකාර වලින් සමන්විත වෙනවා.

ඒ DDR 2,DDR 3,DDR 4,DDR 5 යනුවෙනුයි. වර්ථමානයේ තිබෙන සමහර gaming pc තුළ DDR 5 RAM ඇතුළත් වෙනවා.

 

  • ROM (READ ONLY MEMORY )

ROM කියන්නේ වාශ්පශීලී නොවන මතක වර්ගයක්. ඒ අනුව මෙය දත්ත ලබා ගන්නා අතර එය චිපයක් මත ස්ථිරවම ලියනු ලබනවා. ඔයා ඔයාගේ පරිගණකය ක්‍රියා විරහිත කළත් ඒ දත්ත ඉවත් වන්නේ නැහැ. ROM තුළ පරිගණකයක් ආරම්භ කිරීමට අවශ්‍ය ක්‍රමලේඛන අඩංගු වෙනවා.

02.SECONDORY MEMORY

පරිගණකයක් තුළ ඇති දත්ත දිගු කාලීන පදනම මත ගබඩා කරන මතකය secondary memory ලෙස හදුන්වනු ලබනවා. මෙහි දත්ත ගබඩා කර ඇති විට විදුලිය විසන්ධි වුවත් එම දත්ත මැකී යන්නේ නැහැ.


secondory memory සදහා උදාහරණ ලෙස,
Hard drive
CD-ROM
pen drive ආදිය හදුන්වන්න පුලුවන්.

 

03.GRAPHIC CARD

video card එහෙමත් නැත්නම් graphic card කියන්නේ computer display එකකට යැවීම සදහා video signal ජනනය කරනු ලබන පරිපථයක්. සරලව කිව්වොත් මොනිටර් එකකට,ප්‍රොජෙක්ටර් එකකට හෝ රූපවාහිනියකට වීඩියෝ තොරතුරු යැවීමට පරිගණකයට ඉඩ ලබා දෙන කාඩ්පතක්.

RAM ආකාරයටම මෙයත් සාමාන්‍ය පරිශීලකයන්ට low graphic card ලබා ගත හැකි අතර high performance gaming සදහා powerful graphic card ලබා ගත හැකියි.

 

04.MOTHERBOARD

motherboard කියන්නේ පරිගණකයේ කොටස් එක තැනක තබාගෙන එකිනෙකා සමග සන්නිවේදනයට ඉඩ සලසන ප්‍රධාන පරිපථය හෙවත් කොදු නාරටියයි. ඒ අනුව සියලු කොටස් එකට සම්බන්ධ කිරීමට තනි වේදිකාවක් ලෙස motherboard එක ක්‍රියා කරනු ලබනවා. මෙය නොමැතිව CPU, GPU, හෝ hard disk වැනි පරිගණක කොටස් කිසිවක් ක්‍රියා කරන්නේ නැත. ඒ අනුව පරිගණකයක් හොඳින් ක්‍රියා කිරීමට නම් සම්පූර්ණ මවු පුවරුවේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය වනු ලබනවා.

 

05.POWER SUPPLY

power supply කියන්නේ motherboard සදහා විදුලිය ලබා දෙන electrical device එකක්. PSU හී කාර්‍ය වන්නේ පිටතින් පැමිනෙණ AC විදුලිය පරිගණකයට භාවිතා කල හැකි DC විදුලිය දක්වා පරිවර්තනය කර ලබා දීමයි.

 

06.MONITOR

පරිගණක monitor එකක් යනු, රූපමය හෝ අකුරුමය ආකාරයෙන් තොරතුරු පෙන්වන ප්‍රතිදාන උපාංගයකි. පැරණි monitor කැතෝඩ කිරණ නලයක් (CRT) ලෙස හැදින්වූවා වගේම මේවා බරින් සහ ප්‍රමාණයෙන් ඉතා විශාල වූවා.

වර්ථමානයේදි මේ සදහා පැතලි තිරයක් සහිත LCD,LED මොනිටර පැමිණ තිබෙනවා.

07. KEYBOARD සහ MOUSE

keyboard කියන්නේ ආදාන උපාංගයක් වගේම පරිගණකය සමග සන්නිවේදනය සදහා පවතින මූලිකම මාර්ගයද මෙය වෙනවා. keyboard එක තුළ ඇති අකුරු එබූ විට keyboard මගින් පරිගණකයට අංක යවන අතර පරිගණකය විසින් එම අංක හදුනාගෙන අදාල අකුරු monitor එක තුළ පෙන්වනු ලබනවා.


පරිගණකයේ ඇති කර්සර් එක පාලනය කරමින් පරිගණකයේ ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ෆෝල්ඩර් එහා මෙහා ගෙන යාම ආදී කාර්‍යන් සදහා භාවිතා කරන කුඩා ආදාන උපාංගයක් mouse ලෙස හදුන්වනවා.

08.HARD DRIVE

magnatic storage සහ magnetic ද්‍රව්‍ය වලින් සමන්විත, වේගයෙන් බ්‍රමණය වන තැටි හෙවත් platters එකක් හෝ කිහිපයක් භාවිතයෙන් ඩිජිටල් දත්ත ගබඩා කිරීම සහ ලබා ගන්නා විද්‍යුත් දත්ත ගබඩා කිරීමේ උපකරණයක්, hard drive ලෙස හදුන්වනවා.

සරලවම, පරිගණකයේ ඇති තොරතුරු ගබඩා කිරීම සදහා භාවිතා කරන උපකරණයක් ලෙසත් hard drive හදුන්වන්න පුලුවන්.
hard drive තුළ ඔයා පරිගණකයේ භාවිතා කරන music,photo,document,software,data වගේම operating system එකත් ගබඩා කරනු ලබනවා.

hard drive Capacity range (ධාරිතා පරාසය) ගැන සොයා බැලුවොත්,

16GB,32GB සහ 64GB යන පරාසය තමා අඩුම hard drive capacity එක. මේ පරාසයේ hard drive පැරණි සහ පොඩි පරිගණකයක වල භාවිතා කරනු ලැබුවා.

120GB,256GB පරාසය සාමාන්‍යයෙන් පරිගණක සහ laptop සදහා ආරම්භක hard drive capacity තුළට අයත් වෙනවා.

500GB,1 TB, 2 TB යන පරාසයන් අතරින් සාමාන්‍යය පරිශීලකයෙකු භාවිතා කල යුතු යැයි සලකන්නේ 500GB capacity සහිත hard drive එකක්. මොකද ඔවුන්ට ඔවුන්ගේ musics,videos,photos,documents ආදිය මේ ඉඩ ප්‍රමාණය තුළ ගබඩා කිරීමට ප්‍රමාණවත් වන නිසා.
එසේම විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය gaming පරිශීලකයන් සදහා 1 TB සහ 2 TB අතරිනප් කැමති පරාසයක් තෝරාගත හැකියි.

Hard drive වර්ග 3ක් තිබෙනවා. ඒ,

SATA drives
SSD drives
NVMe යනුවෙනුයි.

 

 

hard disk පිලිබද වෙනමම කොටසකින් සම්පූර්ණයෙන් හදුන්වා දෙන නිසා මෙතනදි ඒ ගැන විස්තර කරන්නේ නැහැ.

ඉතින් ඉදිරියේදි අපි motherboard එකක් තුළ ඇති ports පිළිබදව සාකච්ඡා කරමු. කොහොම උනත් ඔයාලට මේ සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා.

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.