Categories

අඛණ්ඩව තෙවන වතාවටත් චීන රොකට්ටුවක් පාලනයෙන් ගිලිහෙයි…!

 

පසුගියදින පාලනයෙන් තොරවූ චීන රොකට්ටුවක් පෘථිවියට කඩා වැටුනු අතර මෙය සනිටුහන් වන්නේ මෙවැනි සිදුවීමක් සිදු වූ තුන්වන අවස්ථාව ලෙසයි.
Long March 5B යානය සෙනසුරාදා ඉන්දියන් සාගරය හරහා නැවතත් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ අතර පසුව මැලේසියාවේ බෝර්නියෝ දූපතේ සරවක් ප්‍රාන්තය අසල යම් ස්ථානයකට කඩා වැටී තිබුණි.

 

 

මෙම Long March 5B රොකට්ටුව ජූලි 24 වන දින දියත් කල අතර, දෙවන මොඩියුලය (Wentian) Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා. මොඩියුලය තුල ගගනගාමීන්ට විද්‍යාත්මක අත්හදා බැලීම් කිරීමට ඉඩ සලසන උපකරණ මෙන්ම නිදා ගැනීමට අමතර අවකාශයන් තුනක් සහ අභ්‍යවකාශ ඇවිදීම සඳහා තවත් අවකාශයක් ඇතුලත් වනවා.

සැලසුම් කළ පරිදි, Long March 5B core booster අභ්‍යවකාශයට ළඟා වූ විට රොකට්ටුවෙන් වෙන් විය.නමුත්, නැවත ඇතුල්වීමක් සිදු කිරීමට එහි එන්ජිම පාලනයෙන් තොරවූ අතර, බොහො දෙනෙකු කනස්සල්ලට පත්වූයේ අඩි 100ක් දිග, ටොන් 22ක් බර වස්තුව කඩා⁣වැටෙනු ඇත්තේ කොතැනකටද යන්නයි.

Long March 5B රොකට්ටුව සෙනසුරාදා දහවල් 12:45 ට වායුගෝලයට ඇතුළු වූ බව එක්සත් ජනපද අභ්‍යවකාශ මධ්‍යස්ථානය ට්වීට් කළ අතර. චීනය පැවසුවේ එය පිලිපීනයේ කොටසක් වන පලවාන් දූපතේ වෙරළට ඔබ්බෙන් යළි ඇතුළු වූ බවත්, සුන්බුන් බොහොමයක් පිලිපීනය සහ මැලේසියාව අතර සුලු මුහුදට ඉහළින් දැවී ගිය බවත්ය.

මැලේසියාවේ ප්‍රදේශ කිහිපයක ජනතාව රොකට් කැබලි දුටු අතර ඒවා පෘථිවියට වැටෙන ආකාරය වීඩියෝ ගත කර තිබුණි. Harvard-Smithsonian Astrophysics මධ්‍යස්ථානයේ තාරකා භෞතික විද්‍යාඥ Jonathan McDowell පැවසුවේ මෙම සුන්බුන් Borneo හි උතුරු වෙරළ තීරයේ පිහිටි Sibu, Bintulu හෝ Brunei නගර ආසන්නයේ කඩාවැටෙනු ඇති බවයි.

 

ඉරිදා රොකට්ටුවේ කොටසක් යැයි සැලකෙන හඳුනා නොගත් කළු පැහැති වස්තුවක් වාර්තා වීමෙන් පසු විකිරණශීලී අන්තරායන් හේතුවෙන් සරවක්හි batu niah හි පවුල් දෙකකට ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් වන ලෙස දන්වා තිබුණා.

නාසා පරිපාලක බිල් නෙල්සන් මාරාන්තික සිදුවීමක් සිදුවීමට ඇති ඉඩ ගැන වැඩි විස්තර හෙළි නොකිරීම සම්බන්ධයෙන් චීනයට දොස් පැවරූ අතර ඔහු tweet කලේ “මහජන චීන සමූහාණ්ඩුව ඔවුන්ගේ Long March 5B රොකට්ටුව නැවත පෘථිවියට පතිත වීමේ නිශ්චිත ගමන් පථය පිළිබඳ තොරතුරු බෙදා නොගත්තේය,”
“සියලු අභ්‍යවකාශගමන් සිදු කරන රටවල් ස්ථාපිත හොඳම භාවිතයන් අනුගමනය කළ යුතු බවත් සුන්බුන් බලපෑම් හා ඇතිවිය හැකි අනෙකුත් ජීවිත හා දේපල අවදානම් පිළිබඳ විශ්වාසදායක පුරෝකථනයන් සඳහා, (විශේෂයෙන් සැලකිය යුතු අවදානමක් ඇති Long March 5B වැනි බර රොකට් සඳහා), මෙම ආකාරයේ තොරතුරු කල්තියා බෙදා ගැනීමට ඔවුන් කටයුතු කල යුතු බවයි.

long March 5B මූලික අදියරක් පාලනයකින් තොරව නැවත ප්‍රවේශ වූ තුන්වන අවස්ථාව මෙය වන අතර පලමු සිදුවීම වාර්තා වුනේ 2020 දී දියත් කිරීමෙන් දින දහයකට පසු කඩාවැටුනු රොකට්ටුවයි. එහි සුන්බුන් අයිවරි කෝස්ට් වෙත කඩාවැටුනි. පසුගිය වසරේ දෙවන ගුවන් ගමනද සිදු වූ අතර, එහි කොටස් ඉන්දියන් සාගරයට කඩා වැටුනි.

තුන්වන සහ අවසාන Tiangong මොඩියුලය ඔක්තෝබර් මාසයේදී Long March 5B රොකට්ටුව මගින් ලබා දීමට නියමිත අතර ඇතැමුන් විශ්වාස කරන්නේ චීනය දැන්වත් පාලනයකින් තොරව නැවත ප්‍රවේශ වීම් නවත්වනු ඇති බවයි.

රොකට්ටුව 2023 දී අභ්‍යවකාශයට දුරේක්ෂයක් යැවීමට ද නියමිත අතර සමහරුන් පවසන්නේ ඉදිරියේදී තවත් මෙවැනි සිදුවීම් දෙකක් වත් බගාපොරොත්තු විය හැකි බවයි.

 

Source – techspot

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.