Categories

විදුලියෙන් මුහුදු ජලය, පානීය ජලය බවට පත් කරන අලුත්ම ගැජට් එක

මේ අලුත්ම ගැජ⁣ට් එක හදල තියෙන්නෙ MIT එකෙ පර්යේෂකයන් විසින්. ලෝක ⁣සෞඛ්‍ය සංවිධානයේ තත්ත්ව ප්‍රමිතීන්ට අනුව නිපදවල තිබෙන මේක අතේ ගෙනයා හැකි රාත්තල් 22කටත් අඩු බරකින් යුක්ත උපකරනයක්. මෙය සූර්ය පැනලයකින් බලගැන්වෙන අතර ජලය පිරිපහදුවට පෙරහන් භාවිතා නොකර අයන සාන්ද්‍රණ ධ්‍රැවීකරණය(ICP) නම් තාක්ෂනයක් යොදාගනු ලබනවා.
⁣ඒ වගේම මේ තාක්ෂනය මගින් ලුණු අණු, වෛරස් හා බැක්ටීරියා පෙරීමට විදුලිය යොදාගනු ලබනවා.

මෙම ICP අදියරෙන් ඉතිරි වූ ලුණු ඇත්නම් ඒවා ඉවති කිරීමට විද්‍යුත් විච්ඡේදන ක්‍රමය යොදාගැනීමක් සිදු වන අතර එය ඝන හා දියර ද්‍රව්‍ය දෙකෙහිමත් සාර්ථකව ක්‍රියා කරනු ලබනවා.

මෙම මූලාකෘතිය පැයකට පානීය ජලය අවුන්ස 10 ක් පමණ නිපදවීමට ශ්‍රේණිගත කර ඇති අතර Boston’s Carson Beach හි සැබෑ ලෝක පරීක්‍ෂණයේදී, පැය භාගයකින් පමණ ප්ලාස්ටික් කෝප්පයක් පානය කළ හැකි ජලයෙන් පිරවීමට උපකරණයට හැකි වී තිබුණා.
එහිදී මෙයට පානීය ජලය අවුන්ස 33.8ක් නිපදවීමට වොට් 20ක පමණ බලයක් ද වැය වී තිබුණා.

ඉතින් දැනට මේකෙ විශේෂත්වය බැලුවොත් ඉදිරියෙදි යම් දවසක සම්පත් සීමිත ප්‍රදේශවල, ස්භාවික ව්‍යසන වලදී මුහුදු ආශ්‍රිත අසරණ මිනිස්සුන්ට කිසිදු ගැටලුවක් නොමැතිව තම අවශ්‍යතා සපුර ගන්න මුහුදු ජලය භාවිතා කරන්න පුලුවන්.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.