Categories

ගූගල් Fuchsia මෙහෙයුම් පද්ධතිය ආරම්භ කරයි.

 

2016 දි ගූගල් නව OS එක නිකුත් කිරීමත් එක්ක විවිද Device සමග සිය මෙහෙයුම් පද්ධතිය එ්කාබද්ධ කරන්න ගත්තා.

Fuchsia OS ලෙස නම් කරලා තියන මේක smart phone වල ඉදන් smart iot ඩිවයිස් වෙනකම් හැම device එක්කම වැඩ කරන්න නිර්මාණය කරලා තියෙන්නෙ.
ඊයේ දින අවසාන වශයෙන් Google මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියනවා වගේම first-Gen Nest Hub device වලින් ඒක ආරම්භ වෙනවා.

Fuchsia OS project එකේ තාක්ෂනික ප්‍රධානී පීටර් හොසෙක් මේ පිලිබදව ට්විට් එකක් දාලා තිබුනා.

 

()https://twitter.com/petrh/status/1397088244337049603?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1397088244337049603%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fd-40155800613267326401.ampproject.net%2F2105150310000%2Fframe.html

දැන් ඉදන් Google nest hub users ලට fuchsia OS update එක එන අතර එය Linux පාදක කරගත් “Cast OS” වෙනුවට ආදේශ වෙයි.
කෙහොමඋනත් මේ සේරටම මාස කීපයක් යන්න පුලුවන්.

Preview program එකේ Nest Hub හිමිකරුවන්ට ඊයේ දිනම update එක ලැබී තිබුනා.
ගූගල් තවදුටත් පැවසුුවේ interface එකත් එක්ක Product experience එක නොවෙනස්ව පවතින හින්දා Operating System මාරු උනා කියලා පරිශීලකයන් නොදැන ඉන්න වැඩි අවස්ථාවක් තියනවා කියලා.

“මේක phone හා pc වලට විතරක් නෙවෙයි.IOT ලෝකයේ මෙහෙයුම් පද්ධති හා ඩිවයිස් ගනන වැඩිවෙමින් තියනවා වගේම Different Strength හා specialization වලින් යුක්ත multiple Operating System වලට වැඩි ඉඩක් තියනවා. Fuchsia OS එකත් එයින් එකක්.
එනිසා රැදි ඉන්න…….”
Hiroshi Lockheimer,the SVP of Android,chrome OS,Play,and Photos at Google.

 

Article written by Sahan Nimesha Samarakoon